- "සුන්දරා . . . ! මගෙ මේ ශරීරය මම නෙමේ . . ! ඒත් මම ඉන්නෙ මේ ශරීරය ඇතුළෙ! මගේ ශරීරය මැරෙනව . . ! ඒත් මම මැරෙන්නෙ නෑ . . ! ශරීරය ජරා ජීර්ණ වෙනකොට, මම නොමැරී වෙන ශරීරයක් සොයා යනවා . . ! ඒ ශරීරයෙත් මම ජීවත් වෙනව. ! මගේ ශරීරය මැරුනත් මම නැවත නැවතත් උපදිනව. . . ! ඒක හින්ද මම මොහොතින් මොහොත පැයෙන් පැය, දවසින් දවස ප්‍රබලව වැඩෙනව . . ! මම හැමදාමත් කරල තියෙන්නෙ ඕකයි සුන්දරා . . ! තවමත් මට මම මරා ගන්ඩ බැරි වුණා ! ඒක කරන්ඩ තවමත් මට පින් මදි සුන්දරා."
- ''බලන්ඩ සුන්දරා... මලක් පිපුනහම පෙති වල අගිසි පිහිටන්නෙ වෘත්තයක හැඩේට. වතුරට ගලක් ගහපුවහම නගින රැල්ලත් වෘත්තයක්...! වහලෙ සිදුරකින් කෙළින් බිමට වැටෙන ආලෝකයත් වෘත්තයක්. දේදුන්ත් වෘත්තයක්..! වැහි බින්දුව, පිනි බින්දුව, පෙණ බුලුළ.. එව්ව ගෝලාකාරයි..! පොළව, ඉර, හද ගෝලාකාරයි..! මල් කැකුළ, නෙළුම් කැකුළ, දේවදාර ගෙඩිය, ඉඹුල් ගස් වල කටු..! මේ හැම එකකම තියෙන්නෙ කේතුවන හැඩේ..! ලෝකෙ හැමදේකම තියෙන්නෙ ඔය විදියට විවිද හැඩතල.
Friday, February 11, 2011
රෝහිණී සුන්දරා
කර්තෘ - එච්. පී. නන්දසාර
Labels:
නවකතා
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
පොත ගැන අදහස්